හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවම්

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස 06ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ, අපහාස නඩුවක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් හිටපු අගමැතිනියට මෙලෙස සිර දඬුවම් නියම කර ඇති බවයි.

මෙලෙස හිටපු අගමැතිනියක් කිසියම් වරදකට වරදකරු බවට පත් කර නීතිය ක්‍රියාත්මක කිරීම යනු රටක යුක්තිය ඉටුවන බවට පෙන්නුම් කරන සාධකයක් බවත් අන්තර්වාර බංග්ලාදේශ රජය නිවේදනය කරනවා.

බංග්ලාදේශය විසින් ස්වයං – පිටුවහල් කරන ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT) විසින් මෙලෙස සිර දඬුවම් නියම කරනු ලැබුවා.

විනිසුරු ගෝලම් මෝර්ටුසා මොසුම්දර්ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිශ්චය සභාව ඊයේ (02) හසීනා අධිකරණය හමුවේ ඉදිරිපත් ව නොසිටි අවස්ථාවේදියි මෙම තීන්දුව ලබා දුන්නේ.

ඇය අත්අඩංගුවට ගැනීම හෝ ස්වේච්ඡාවෙන් යටත් වීම මත දඬුවම ක්‍රියාත්මක වන බව ප්‍රධාන අභිචෝදක මුහම්මද් තාජුල් ඉස්ලාම් ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේදී ශිෂ්‍ය නායකත්වයෙන් යුත් නැගිටීමකින් පසු ඉන්දියාවට පලා ගිය හසීනාට චෝදනා කිහිපයක් එල්ල වී තිබෙන පසුබිමකයි මෙම තීන්දුව ලැබී ඇත්තේ.

බංග්ලාදේශයේ සිදු වූ අරගලකාරී සමය සම්බන්ධ නඩුවකදී හසීනාට එරෙහිව විධිමත් දඬුවමක් ලැබුණු පළමු අවස්ථාව ද මෙයයි.

අවාමි ලීගයේ තහනම් ශිෂ්‍ය අංශයක් වන චත්‍රා ලීගයේ ජ්‍යෙෂ්ඨ චරිතයක් වන ෂකිල් අකාන්ද් බුල්බුල්ට ද එම නඩුවේ දී ම මාස දෙකක සිර දඬුවමක් නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23