ගගේවාඩියට තර්ජනයක් කළ දිවියා මහත් පරිශ්‍රමයකින් අල්ලා ගනියි

වනාතවිල්ලුව – ගගේවාඩිය ධීවර ගම්මානයට කඩා වැදී ගම්මුන් බිය කරමින් සිටි දැවැන්ත දිවියෙකුව නිර්වින්දනය කර අල්ලාගෙන විල්පත්තුව ජාතික
වනෝද්‍යානයට මුදා හැරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම දිවියා අඩි 06ක් පමණ දිගින් යුත් වයස අවුරුදු 35ක් පමණ වන සත්ත්වයෙකු බවයි.

ඊයේ (01) දහවල් කාලයේ ධීවර තොටුපොළ අසල මෙම දිවියා ගැවසෙන ආකාරය ගම්මුන් දැක ඒ බව වනජීවීයට දැනුම්දී තිබෙනවා.

ඒ අතරතුර දිවියාගේ පහරදීමකට ලක් ව එම ප්‍රදේශයේ සුනඛයින් දෙදෙනකු ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් දිවියා අල්ලා ගන්නා තෙක් වනජීවී නිලධාරීන් හා වනාතවිල්ලුව පොලිසිය එක්ව ඊයේ රාත්‍රී කාලය පුරාම ගම්මුන්ට ආරක්ෂාව සපයා තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් අද (02) පස්වරුවේ මහත් පරිශ්‍රමයක් දරා දිවියා ව අල්ලා ගැනීමට
කටයුතු කර එම සත්ත්වයාට ප්‍රතිකාර දීමෙන් පසු විල්පත්තුව වනෝද්‍යානයට මුදා හැරීමට කටයුතු කළා.

මෙම මෙහෙයුම සඳහා වනාතවිල්ලුව පොලිසිය හා ගගේවාඩිය නාවික කඳවුරෙන් ද සහාය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08