60 පැන්න අයට කොවිඩ් කමිටුවෙන් දැනුම් දීමක්

කොවිඩ් 19 පිළිබඳ තාක්ෂණික කමිටුව විසින් වසය අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී ඇතැයි දැනුණු වහාම ඔවුන් ළඟම ඇති රෝහලට හෝ වෛද්‍යවරයකු හමුවට කඩිනමින් යොමු කළ යුතු බව යි ඔවුන් නිවේදනය කරන්නේ.

දැනට වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ අතරින් වයස අවුරුදු 60ට වැඩි පිරිස අවදානම් පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.

එමෙන්ම රෝග ලක්ෂණ මතු වී දින කිහිපයක් නිවසේ සිට රෝහල් කරා ගෙන එන රෝගීන් ජීවිතක්ෂයට පත් වීම ද වර්ධනය වී තිබෙනවා.

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් යම් රෝග ලක්ෂණයක් මතු වුණු වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවට තීරණය වී ඇත්තේ එම හේතු අනුවයි.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23