උග්‍ර ශ්‍රම හිඟයත් සමඟ ඉතාලියේ රැකියා කෝටා ලක්ෂ පහක්

උග්‍ර ශ්‍රම හිඟයක් සමඟ පොරබදමින් සිටින ඉතාලිය, වසර තුනක (2026–2028) සංක්‍රමණික කෝටාව ලෙස ශ්‍රමිකයින් 500,000ක් බඳවා ගැනීම හරහා තම ආර්ථිකය පරිවර්තනය කිරීම අරමුණු කරගත් සංක්‍රමණ ප්‍රතිපත්තියක් එළිදක්වා තිබෙනවා.

අක්‍රමවත් සංක්‍රමණ මැඩපැවැත්වීමේ දී ශ්‍රම වෙළඳපොළ අවශ්‍යතා සමඟ සංක්‍රමණ ප්‍රවාහයන් පෙළගැස්වීම සඳහා නිර්මාණය කර ඇති මෙම ප්‍රතිපත්තිය, ශ්‍රම බලකායේ ව්‍යාප්තිය මත යැපෙන අංශ සඳහා තීරණාත්මක ආයෝජන අවස්ථාවක් ඉදිරිපත් කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඉතාලියේ වයස්ගත ජනගහනය සහ දශක ගණනාවක අඩු උපත් අනුපාත හේතුවෙන් ඉදිකිරීම්, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා සහ තාක්ෂණය වැනි අංශ සඳහා ශ්‍රම හිඟයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, හේතුවෙන් 2026–2028 කෝටාව, මුළු සංක්‍රමණිකයන් 500,000 ඉතාලියට ගෙන්වා ගැනීමට නියමිත අතර, ඒ අනුව
2026 වසරේ දී සංක්‍රමණිකයින් 164,850ක්, 2027 වසරේ දී සංක්‍රමණිකයින් 165,850 සහ 2028 වසරේ දී සංක්‍රමණිකයින් 166,850ක් වශයෙන් ගෙන්වා ගැනීමයි සැලස්ම වී ඇත්තේ.

කෝටාව පහත පරිදි බෙදා ඇත,
ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා සහ පුහුණු වෘත්තීන් සඳහා වාර්ෂිකව 76,850 (උදා: විදුලි කාර්මිකයන්, ජලනල කාර්මිකයන්).
කෘෂිකර්මාන්තය සහ සංචාරක කටයුතු සඳහා 88,000 – 90,000.
වැඩිහිටි/ආබාධිත සත්කාර හිඟයන් විසඳීම සඳහා ගෘහ සහායකයින්/රැකබලා ගන්නන් 13,600 -14,200

මේ අතර ජනගහණය වයස් ගතවීම සහ උපත් අනුපාතය පහත වැටීම හේතුවෙන් යුරෝපයේ තෙවැනි විශාලතම ආර්ථිකය හිමි ඉතාලියට විදේශීය ශ්‍රමිකයන් අවශ්‍ය වී තිබෙනවා.

ඉතාලියේ ජනගහණය මේ වනවිට මිලියන 60කට ආසන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
441
+1
14
+1
168
+1
16
+1
15
+1
26
+1
32
Subscribe
Notify of
67 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
FIFA ලෝක කුසලානයේ කෝඩුකාරයන් ලොවම හොල්ලයි
03:18
Video thumbnail
පාතාල පක්ෂයක් තමයි අද මේ රට නටවන්නේ - පාඨලීගෙන් හෙළිදරව්වක්
03:51
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත සද්ධන්තයාව මෙල්ල කරලා රැගෙන ගිය හැටි
01:09
Video thumbnail
UAE, Qatar සහ Kuwait රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට විශේෂ පණිවුඩයක්
02:46
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ආණ්ඩුවේ කට්ටියගෙන් අය කරගන්න ඕනේ
05:16
Video thumbnail
ආණ්ඩුව ගැන ඇහුවාම මහින්ද දීපු අපූරු උත්තරේ
00:59
Video thumbnail
මනොජ්ගේ මවට අවසන් ගෞරව දක්වන්න මහින්ද සහ ගෝඨත් එයි
02:10
Video thumbnail
ආණ්ඩුවේ කට්ටිය කොච්චර හොරකම් කළත් එයාලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ
08:10
Video thumbnail
රටම කම්පා කළ අභිරහස් මරණයේ වෙනස් කතාවක් එළියට - ආදරය නමින් සිදු වූ බිහිසුණු රඟපෑම
05:44
Video thumbnail
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියා | අලුත්ම වීසා සහ නීති
03:59