ඉන්ධන මිල වැඩි වුණත් බස් ගාස්තු එලෙසමයි – ගැමුණු විජේරත්න

රජය විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල සංශෝධනය කටයුතු කළත් බස් ගාස්තුවේ වෙනස්වීමක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (01) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙලෙස මාසෙන් මාසයට ඉන්ධන මිල සංශෝධනය කිරීම බස් කර්මාන්තයට බරපතළ ගැටළුවක් බවයි.

ඊයේ දින සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේ දී ලංකා සුදු ඩීසල්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ලංකා භූමිතෙල් මිල ඉහළ දැමීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?