න්‍යෂ්ටික අනතුරකදී සිදුවන විකිරණ බලපෑම් ගැන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති 05ක් ස්ථාපිත කෙරේ

න්‍යෂ්ටික අනතුරක දී මෙරටට සිදුවිය හැකි විකිරණ බලපෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති පහක් මෙරට තුළ ස්ථාපිත කර තිබෙනවා.

ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ පරීක්ෂා කිරීම් සහ බලාත්මක කිරීමේ අංශයේ සඳහන් කළේ, නාවික හමුදා කඳවුරුවල එම පද්ධති ස්ථාපිත කර ඇති බවයි.

ඒ අනුව කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන නාවික කඳවුරු කේන්ද්‍ර කර ගනිමින් මෙම පද්ධති ස්ථාපිත කර තිබෙනවා.

මෙම පද්ධති මඟින් ආසන්න රටවල න්‍යෂ්ටික බලාගාර අනතුරකදී මෙරටට නිකුත්වන විකිරණ ප්‍රමාණය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?