ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක ලොරි අනතුරක් – රියදුරු ජීවිතක්ෂයට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම මාර්ගයේ රන්දෙණිය ප්‍රදේශයේ අද (28) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි.

ඇල්ල සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී රියදුරු ලොරි රථයෙන් එළියට විසි වී රථයටම යට වී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් හතරක පුද්ගලයෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ ලොරි රථයට යටවී තිබූ රියදුරුගේ සිරුර ඉන් පිටතට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44