පළමු වරට ලංකාවට ආ විදේශිකයාගේ ගමන් මල්ලේ පතුලේ කුෂ්

රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු ඊයේ (26) දින රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 38 හැවිරිදි ඉන්දීය ජාතික රියැදුරුවරයෙකු වන අතර ඔහු මෙරටට පැමිණ ඇත්තේ පළමු වරට බවත් හෙළි ව ඇති බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

සැකකරු ඊයේ රාත්‍රී 10.47 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් සිය පිටෙහි එල්ලා ගෙන ආ ගමන් මල්ලෙහි (Back Pack), ව්‍යාජ පතුලක් සකස් කර, එහි ඉතා සූක්ෂ්ම ලෙස මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 130 ක ප්‍රමාණය සඟවාගෙන තිබූ බවයි පරීක්ෂණවල දී හෙළි ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික ගුවන් මගියා සහ ඔහු රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය ගැන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?