පළමු වරට ලංකාවට ආ විදේශිකයාගේ ගමන් මල්ලේ පතුලේ කුෂ්

රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු ඊයේ (26) දින රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 38 හැවිරිදි ඉන්දීය ජාතික රියැදුරුවරයෙකු වන අතර ඔහු මෙරටට පැමිණ ඇත්තේ පළමු වරට බවත් හෙළි ව ඇති බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

සැකකරු ඊයේ රාත්‍රී 10.47 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් සිය පිටෙහි එල්ලා ගෙන ආ ගමන් මල්ලෙහි (Back Pack), ව්‍යාජ පතුලක් සකස් කර, එහි ඉතා සූක්ෂ්ම ලෙස මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 130 ක ප්‍රමාණය සඟවාගෙන තිබූ බවයි පරීක්ෂණවල දී හෙළි ව ඇත්තේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික ගුවන් මගියා සහ ඔහු රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය ගැන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46