සබරගමුවේ නවකවද සිද්ධියට ඇල්ලූ ජ්‍යේෂ්ඨ සිසුන් 11 තවදුරටත් සිපිරිගෙට

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි චරිත් දිල්ෂාන් නමැති සිසුවා සියදිවි නසාගෙන ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වූ නවකවද සිදුවීමක් මුල් කරගෙන බවට වූ චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර ජ්‍යේෂ්ඨ සිසුන් 11 දෙනා තවදුරටත් සිරගත කරන ලෙසට අද (26) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරුවන් මාස දෙකකට ආසන්න කාලයක් මේ වනවිට සිරගත කර සිටින බවත් ඔවුන්ව ජූලි මස 03 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණ විනිසුරු භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනවිය නියෝග කළ බවයි.

මෙම සිද්ධියට සැකපිට සිසුන් 10 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවස්ථා 04ක දී අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, තවත් සිසුවෙකු පසුව අධිකරණයට භාර වුණා.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම්දුන්නේ සැකකරුවන් නවකවද පනත උල්ලංඝනය කර ඇති බවයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුවන් හට ඇප ලබා නොදිය යුතු බවයි.

ඒ අනුව සියලු කරුණු සලකා බලා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සැකකාර ජ්‍යේෂ්ඨ සිසුන් 11 දෙනා යළිත් සිරගත කරන ලෙසට නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25