අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු සිව්දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව ඔක්තෝම්බර් 10

2012 වසරේ ග්‍රීක රජය ආර්ථික අර්බුදයකට ලක්ව බිඳ වැටෙන බව දකිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1යි දශම 8කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියම කළා.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුකරයට අදාල නඩු භාණ්ඩ ලේඛන අද දින විත්තියට භාර දෙන බවයි.

මෙම නඩුවට අදාළව ඉදිරිපත් වූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව විත්තිය විසින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සම් තුනක් ඉදිරිපත් කර ඇති බවත් ඒවා සැප්තැම්බර් මස 19 වනදා සලකා බැලීමට නියමිතව තිබෙන බවත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය මෙන්ම විත්තියේ නීතිඥවරයාද සඳහන් කළා.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ අභියාචනාධිකරණ පෙත්සම් කැඳවන දිනයෙන් ඔබ්බට යෙදෙන දිනයක මෙම නඩුව කැඳවීම සුදුසු බවයි.

තමන් සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවීමක් නොකරන බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ නඩුව ඔක්තෝබර් මස 10 වනදා කැඳවීමට නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28