සජින් වාස්ට ඇප

රුපියල් ලක්ෂ 369 අධික ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් 2023 වර්ෂයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුවකට අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අද (26) අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව කොළඹ අතිරේක
මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වරෙන්තු ආපසු කැඳවනු ලැබුවා.

සිද්ධියට අදාළ සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් සහ ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් මත මුදා හැරීමට ද එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන පසුගිය 23 වැනි දා අධිකරණයේ පෙනී නොසිටීම නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය පසුගිය 23 වැනි දා වරෙන්තු නිකුත් කර තිබුණා.

වගඋත්තකරුට සිතාසි භාර දී ඇති මුත් අධිකරණයේ පෙනී සිට නොමැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙර නඩු දිනයේදී අධිකරණයට දැනුම් දී තිබුණා.

ව්‍යාපාරිකයෙකු වූ වාස් ගුණවර්ධන 2010ත් 2012ත් වර්ෂවලට අදාළව ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේදී නඩු පවරා තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකරුගේ වරෙන්තු ආපසු කැඳවනු ලැබූ අතර ශරීර ඇප සහ මුදල් ඇප මත මුදා හැරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?