සජින් වාස්ට ඇප

රුපියල් ලක්ෂ 369 අධික ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් 2023 වර්ෂයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුවකට අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අද (26) අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව කොළඹ අතිරේක
මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වරෙන්තු ආපසු කැඳවනු ලැබුවා.

සිද්ධියට අදාළ සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් සහ ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් මත මුදා හැරීමට ද එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන පසුගිය 23 වැනි දා අධිකරණයේ පෙනී නොසිටීම නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය පසුගිය 23 වැනි දා වරෙන්තු නිකුත් කර තිබුණා.

වගඋත්තකරුට සිතාසි භාර දී ඇති මුත් අධිකරණයේ පෙනී සිට නොමැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙර නඩු දිනයේදී අධිකරණයට දැනුම් දී තිබුණා.

ව්‍යාපාරිකයෙකු වූ වාස් ගුණවර්ධන 2010ත් 2012ත් වර්ෂවලට අදාළව ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේදී නඩු පවරා තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකරුගේ වරෙන්තු ආපසු කැඳවනු ලැබූ අතර ශරීර ඇප සහ මුදල් ඇප මත මුදා හැරීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26