නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමට 2024‑04‑29 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දුන්නා.
එම පවරා දීමට විරුද්ධව තැපැල් සේවකයින් මෙන්ම සිවිල් සංවිධාන හා පොදු මහජනතාව අතරින් විරෝධතා එල්ල වුණා.
එම ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පෙර පරිදිම යොදා ගැනීමට සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිත කිරීමට හැකි වන පරිදි සකස් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පසුව තීරණය කර තිබෙන බවයි අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
ඒ අනුව, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හා ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට ගෙන ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අහෝසි කිරීමටත්, දේශීය/විදේශීය සංචාරක ආකර්ෂණය වර්ධනය කර ගැනීම සහ නව ආදායම් උත්පාදන මාර්ග වැඩිදියුණු කර ගැනීමට හැකි වන පරිදි එකී ගොඩනැගිල්ල සහ ඉඩම නවීකරණය කිරීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.















