ප්‍රශ්නගත වුණු නුවරඑළිය තැපැල් කන්තෝරුවට කැබිනට් තීන්දුවෙන් කරන්න යන දේ මෙන්න

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමට 2024‑04‑29 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දුන්නා.

එම පවරා දීමට විරුද්ධව තැපැල් සේවකයින් මෙන්ම සිවිල් සංවිධාන හා පොදු මහජනතාව අතරින් විරෝධතා එල්ල වුණා.

එම ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පෙර පරිදිම යොදා ගැනීමට සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිත කිරීමට හැකි වන පරිදි සකස් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පසුව තීරණය කර තිබෙන බවයි අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.

ඒ අනුව, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හා ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමට ගෙන ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අහෝසි කිරීමටත්, දේශීය/විදේශීය සංචාරක ආකර්ෂණය වර්ධනය කර ගැනීම සහ නව ආදායම් උත්පාදන මාර්ග වැඩිදියුණු කර ගැනීමට හැකි වන පරිදි එකී ගොඩනැගිල්ල සහ ඉඩම නවීකරණය කිරීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

  1. According to this article, though it’s almost one year since Hon. the previous president Ranil Wickramasinghe leaving the office, the present president and the government has no other solution, but only the solutions proposed by Hon. Ranil Wickramasinghe. But at that time it was severely critsized by the present president and JVP/ NPP… Because of that it’s better to hand over the administration back to Hon. Ranil Wickramasinghe



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18