රබර් කැලයක් මැද ගෙල කපා දෙදරු මවක් මරා දමයි

කාන්තාවක් ගෙල කපා ඝාතනය කර තිබෙනවා.

මෙම අපරාධය සිදු ව ඇත්තේ කොස්ගම – ඉහළ කොස්ගම, පුස්සැල්ලෑව රබර් කර්මාන්ත ශාලාව අසල දී බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ 49 හැවිරිදි දෙදරු මවක් වන සේපාලගේ මල්ලිකා සමන්මලී නමැත්තියක්.

ඇයගේ සිරුර කොස්ගම පොලිසිය විසින් අද (23) පෙරවරුවේ සොයාගෙන ඇති අතර මරණකාරිය අවිස්සාවේල්ල – පුවක්පිටිය, උතුර නුගගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවත් හෙළි ව තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාව රබර් කිරි කැපීම රැකියාව ලෙස සිදු කර ඇති බවත් උදෑසන රැකියා ස්ථානය වෙත යමින් සිටියදී කිසිවකු විසින් ඇය පසුපස එළවාගෙන ගොස් තියුණු ආයුධ ප්‍රහාරයක් සිදුකර ඇති බවත් සිදු කළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

මෙම ඝාතනයට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?