රබර් කැලයක් මැද ගෙල කපා දෙදරු මවක් මරා දමයි

කාන්තාවක් ගෙල කපා ඝාතනය කර තිබෙනවා.

මෙම අපරාධය සිදු ව ඇත්තේ කොස්ගම – ඉහළ කොස්ගම, පුස්සැල්ලෑව රබර් කර්මාන්ත ශාලාව අසල දී බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ 49 හැවිරිදි දෙදරු මවක් වන සේපාලගේ මල්ලිකා සමන්මලී නමැත්තියක්.

ඇයගේ සිරුර කොස්ගම පොලිසිය විසින් අද (23) පෙරවරුවේ සොයාගෙන ඇති අතර මරණකාරිය අවිස්සාවේල්ල – පුවක්පිටිය, උතුර නුගගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවත් හෙළි ව තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාව රබර් කිරි කැපීම රැකියාව ලෙස සිදු කර ඇති බවත් උදෑසන රැකියා ස්ථානය වෙත යමින් සිටියදී කිසිවකු විසින් ඇය පසුපස එළවාගෙන ගොස් තියුණු ආයුධ ප්‍රහාරයක් සිදුකර ඇති බවත් සිදු කළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

මෙම ඝාතනයට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03