ඉරානයට පුටින්ගේ සහාය ලැබේවි ද ? – ඉරාන විදේශ ඇමති මොස්කව් වෙත

සාකච්ඡා සඳහා මොස්කව් වෙත පැමිණ සිටින ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ “පොදු අභියෝග සහ තර්ජන” පිළිබඳව වැදගත් සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.

මෙම සාකච්ඡා වේ වෙනුවෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ දිනයේ දී මොස්කව් වෙත පැමිණියා.

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද ඇමරිකානු ප්‍රහාර රුසියාව හෙළා දැක ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු තානාපතිවරයා කියා සිටියේ ඇමරිකාව “පැන්ඩෝරා පෙට්ටියක් විවෘත කර ඇති” බවයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අද පුටින් ජනාධිපතිවරයා හමුවුවහොත්, ඔහුට ක්‍රෙම්ලිනයේ නායකයාගෙන් දැඩි සහයෝගයක් ලැබෙනු ඇති නමුත්, මොස්කව් වෙතින් මිලිටරි ආධාර ලබාගැනීමට නොහැකි බව පෙනී යන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ මොහොතේ රුසියාවේ ප්‍රමුඛතාවය යුක්‍රේන යුද්ධය වෙත ලබාදී තිබීම ඊට හේතු වී ඇති අතර, රුසියාව සහ ඉරානය උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක් ඇති නමුත් එය ආරක්ෂක ගිවිසුමක් නොවන අතර ටෙහෙරානයට මිලිටරි සහාය ලබාදීමට මොස්කව් බැඳී නැහැ.

පසුගිය සතියේ පුටින් කියා සිටියේ ඉරානය මොස්කව් වෙතින් මිලිටරි සහාය ඉල්ලා නොමැති බවත්, ඔහු කිසිවක් ලබාදීමට ඉක්මන් නොවන බවයි.

ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල් දෙකම සමඟ හොඳ සබඳතා පවත්වා ගැනීමට සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හොඳ වැඩ කරන සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ක්‍රෙම්ලිනය මේ වනවිට උනන්දු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57