ඉරානයට පුටින්ගේ සහාය ලැබේවි ද ? – ඉරාන විදේශ ඇමති මොස්කව් වෙත

සාකච්ඡා සඳහා මොස්කව් වෙත පැමිණ සිටින ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ “පොදු අභියෝග සහ තර්ජන” පිළිබඳව වැදගත් සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.

මෙම සාකච්ඡා වේ වෙනුවෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ දිනයේ දී මොස්කව් වෙත පැමිණියා.

ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද ඇමරිකානු ප්‍රහාර රුසියාව හෙළා දැක ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු තානාපතිවරයා කියා සිටියේ ඇමරිකාව “පැන්ඩෝරා පෙට්ටියක් විවෘත කර ඇති” බවයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අද පුටින් ජනාධිපතිවරයා හමුවුවහොත්, ඔහුට ක්‍රෙම්ලිනයේ නායකයාගෙන් දැඩි සහයෝගයක් ලැබෙනු ඇති නමුත්, මොස්කව් වෙතින් මිලිටරි ආධාර ලබාගැනීමට නොහැකි බව පෙනී යන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ මොහොතේ රුසියාවේ ප්‍රමුඛතාවය යුක්‍රේන යුද්ධය වෙත ලබාදී තිබීම ඊට හේතු වී ඇති අතර, රුසියාව සහ ඉරානය උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක් ඇති නමුත් එය ආරක්ෂක ගිවිසුමක් නොවන අතර ටෙහෙරානයට මිලිටරි සහාය ලබාදීමට මොස්කව් බැඳී නැහැ.

පසුගිය සතියේ පුටින් කියා සිටියේ ඉරානය මොස්කව් වෙතින් මිලිටරි සහාය ඉල්ලා නොමැති බවත්, ඔහු කිසිවක් ලබාදීමට ඉක්මන් නොවන බවයි.

ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල් දෙකම සමඟ හොඳ සබඳතා පවත්වා ගැනීමට සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හොඳ වැඩ කරන සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ක්‍රෙම්ලිනය මේ වනවිට උනන්දු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
3
+1
4
+1
2
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?