ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින හා 20-20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 සිට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර එක්දින සහ විස්ස විස්ස තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ලබන 24 වනදා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඒ, අනුව ලබන 24 වනදා (අඟහරුවාදා) මාර්ග ගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ කරන බවයි එම ආයතන පවසන්නේ.

ඒ, අනුව srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සැලසෙනවා.

මේ අතර කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත කරන ප්‍රවේශපත් කවුලුවෙන් ලබන 29 වනදා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකි අතර, මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එළඹෙන ජූලි 06 වනදා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකියි.

ඊට අමතරව දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එළඹෙන ජූලි 11 වනදා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකියාව පවතින බවයි දැනුම් දෙන්නේ.

දෙරට අතර එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?