දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා සහ කතානායක ජගත් වික්‍රමරත්න හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ගරු සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවුණා.

පසුගියදා පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර ද සහභාගීව සිටියා.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1994 දී ආරම්භ කළ බවත්, වෙළඳ, සංචාරක මෙන්ම පුරවැසි සබඳතා යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම සාකච්ඡාව අතරතුරදී කතානායකවරයා අවධාරණය කර සිටියා.

එමෙන්ම දකුණු අප්‍රිකාවේ සංහිඳියා යාන්ත්‍රණය සාමයේ වැදගත්කම පිළිබඳව ලෝකයට ප්‍රමුඛ පණිවිඩයක් ලබාදෙන බව සඳහන් කළ කතානායකවරයා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව දකුණු අප්‍රිකානු රජයට කෘතඥතාවද පළ කළේය.කළා.

දකුණු අප්‍රිකානු රජයේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ප්‍රයත්නයන් පිළිබඳව මහ කොමසාරිස්වරයා මෙහිදී පැහැදිලි කළ අතර, එමඟින් සංහිඳියා යාන්ත්‍රණයන් ඉදිරියට ගෙන යන අතරම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමද අරමුණු කොට ඇති බවද පැවසුවා.

දෙරට අතර පාර්ලිමේන්තු සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපනය කිරීමේ වැදගත්කම ද මහ කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කළා.

තවද, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා අතර පැවති සුහද සාකච්ඡාවේ දී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි ද අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?