5 ශිෂ්‍යත්වය එකවර අහෝසි කරන්නේ නෑ – 2029ත් පුරුදු විදියටම පැවැත්වෙනවා (වීඩියෝ)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

අද (20) පාර්ලිමේන්තු සභා වාරයේ දී විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව 2029 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බව ද ඒ මහතා සඳහන් කළා.

2029 වසරෙන් පසුව ශිෂ්‍යත්වය පැවැත්වීම සම්බන්ධයෙන් 2028 වසරේ දී සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට නියමිතව ඇතැයි ද වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවා.

විභාග පීඩනය අඩු කිරීමට මේ වනවිටත් විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම දැනට පාසල් අතර ඇති විෂමතාවයන් ක්‍රමානුකූලව නැති කිරීමට හා ශිෂ්‍යත්වය මගින් දරුවන්ට ඇති වන පීඩනය අඩු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?