5 ශිෂ්‍යත්වය එකවර අහෝසි කරන්නේ නෑ – 2029ත් පුරුදු විදියටම පැවැත්වෙනවා (වීඩියෝ)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

අද (20) පාර්ලිමේන්තු සභා වාරයේ දී විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව 2029 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බව ද ඒ මහතා සඳහන් කළා.

2029 වසරෙන් පසුව ශිෂ්‍යත්වය පැවැත්වීම සම්බන්ධයෙන් 2028 වසරේ දී සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට නියමිතව ඇතැයි ද වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවා.

විභාග පීඩනය අඩු කිරීමට මේ වනවිටත් විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම දැනට පාසල් අතර ඇති විෂමතාවයන් ක්‍රමානුකූලව නැති කිරීමට හා ශිෂ්‍යත්වය මගින් දරුවන්ට ඇති වන පීඩනය අඩු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30