ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනගාරයේ ‘එම් – 2’ වාට්ටුවට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, ඔහු සමඟ තවත් රැඳවියන් 07 දෙනෙකු එම වාට්ටුවේ රඳවා සිටින බවට බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කළ බවයි.
මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අවස්ථාවේ දී ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළත් කෙරුණේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මෙම වාට්ටුවටයි.
මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග අත්අඩංගුවට ගැණුනු ඔහුගේ බිරිඳ සහ දියණිය වැලිකඩ කාන්තා බන්ධනාගාරයට ඇතුළත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
12
+1
1
+1
+1
1
+1
1





