ජනපති ගැන අසත්‍ය හා ද්වේශසහගත තොරතුරු මුදා හැරි අයෙක් ගැන නියෝගයක්

ජර්මානු සංචාරයක නිරතව සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් අසත්‍ය ද්වේශ සහගත හා ජනතාව කුපිත කරන ආකාරයේ තොරතුරු අන්තර්ජාලයේ මුදා හැර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු වන ජී. සුභාෂ් චමින්ද රොෂාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරුණු බවයි වාර්තා වන්නේ.

ජර්මානු සංචාරයක නිරතව සිටි ජනාධිපතිවරයා කොටි නායකයෙකු හමුවන බවට ආරංචි ඇති බවට හිටපු අමාත්‍යවරයකු වන උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇති බවත් එම සාකච්ඡාව විවිධ මාධ්‍ය ඔස්සේ හා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වූ බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්නා.

මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම මෙරට දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව ද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසුවා.

ජනාධිපතිවරයා හා රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් එම ප්‍රකාශය සිදුකර ඇති බවට පැමිණිල්ල මගින් පෙන්වා දී ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් කරන ලද ඉල්ලීමත් සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
0
+1
11
+1
1
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?