ජනපති ගැන අසත්‍ය හා ද්වේශසහගත තොරතුරු මුදා හැරි අයෙක් ගැන නියෝගයක්

ජර්මානු සංචාරයක නිරතව සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් අසත්‍ය ද්වේශ සහගත හා ජනතාව කුපිත කරන ආකාරයේ තොරතුරු අන්තර්ජාලයේ මුදා හැර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු වන ජී. සුභාෂ් චමින්ද රොෂාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරුණු බවයි වාර්තා වන්නේ.

ජර්මානු සංචාරයක නිරතව සිටි ජනාධිපතිවරයා කොටි නායකයෙකු හමුවන බවට ආරංචි ඇති බවට හිටපු අමාත්‍යවරයකු වන උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇති බවත් එම සාකච්ඡාව විවිධ මාධ්‍ය ඔස්සේ හා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වූ බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්නා.

මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම මෙරට දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව ද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසුවා.

ජනාධිපතිවරයා හා රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් එම ප්‍රකාශය සිදුකර ඇති බවට පැමිණිල්ල මගින් පෙන්වා දී ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට විමර්ශන නිලධාරීහු අධිකරණයෙන් කරන ලද ඉල්ලීමත් සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29