කල් තැබීමේ විවාදය ඉල්ලූ අජිත් සභාවේ නෑ – පාර්ලිමේන්තුව කල් තැබෙයි

පාර්ලිමේන්තු කටයුතු හෙට (19) උදෑසන 09.30 දක්වා කල් තැබුණා.

ඒ අද (18) පස්වරු 03.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වීමට නියමිත ව තිබූ ඉරාන – ඊශ්‍රායල යුද වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම ගැන පැවැත්වීමට තිබූ විවාදය ද කල් දමමින්.

එම විවාදය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා කල් තැබීමේ යෝජනාවක් ගෙනාමුත්, එම යෝජනාව විවාදයට ගැනීමට සූදානම් වීමේ දී පෙනී ගියේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා සභා ගැබේ නොමැති බවයි.

මේ හේතුවෙන් හෙට දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?