සුඛෝපභෝගී වෑන් රථයක් අතහැර දමා ගොස් තිබියදී සොයා ගැනේ

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් කටුකුරුන්ද – කලීල් ප්‍රදේශයෙන් අද (18) උදෑසන සැක සහිත ලෙස වෑන් රථයක් දමා ගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය ප්‍රකාශ කරනවා.

මෙම වෑන් රථය පිළියන්දල ප්‍රදේශයේ කුලී පදනමට වාහන ලබාදෙන ආයතනයකට අයත් බවත් දැනට දින කිහිපයකට පෙර වෑන් රථය කුලී පදනම මත රැගෙන ගොස් ඇති බවත් සිදු කළ මූලික පරීක්ෂණවල දී පොලිසිය අනාවරණය කරගත් බව සඳහන්.

කුමන හේතුවක් මත වෑන් රථය මෙම ස්ථානයේ දමා ගොස් ඇති දැයි යන්න පිළිබඳව කළුතර දකුණ පොලිසිය සහ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

ප්‍රදේශවාසීන් කියා සිටියේ මෙම වෑන් රථය ඊයේ (17) රාත්‍රී කාලයේදී කිසියම් පුද්ගලයෙකු මෙම ස්ථානයේ දමා යන්නට ඇති බවයි.

මේ වන විට එම වෑන් රථය කළුතර දකුණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?