ශ්‍රී ලංකා ගුවන්යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යාංශය ස්ථාපිත කිරීමට අනුමැතිය

2002 අංක 34 දරණ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පනතට අනුව, ශ්‍රී ලංකාවේ සීමාව ඇතුළත ගුවන් ගමන් අනතුරු සහ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීමේ වගකීම එම අධිකාරිය වෙත පැවරී තිබෙනවා.

එහෙත්, 2010 වර්ෂයේ දී පවත්වන ලද ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානයේ (ICAO) නිරුපද්‍රිතතා අධීක්ෂණ විගණනයක දී ගුවන් යානා හදිසි අනතුරු සහ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා ස්වාධීන ක්‍රියාවලියක් නොමැති වීම පිළිබඳව කරුණු අනාවරණ කර තිබෙනවා.

ඒ, අනුව ස්වාධීන ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යංශයක් පිහිටුවීම පිණිස 2016 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, මේ වන විට ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති බව සඳහන්.

එම පනත් කෙටුම්පත සඳහා තවදුරටත් විධිවිධාන කිහිපයක් හඳුන්වාදිය යුතු බවට අදාළ පාර්ශ්වයන් විසින් පෙන්වා දී ඇති අතර, එකී විධිවිධාන ද ඇතුළත් කරමින් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කට ඇති බවයි අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03