ශ්‍රී ලංකා ගුවන්යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යාංශය ස්ථාපිත කිරීමට අනුමැතිය

2002 අංක 34 දරණ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පනතට අනුව, ශ්‍රී ලංකාවේ සීමාව ඇතුළත ගුවන් ගමන් අනතුරු සහ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීමේ වගකීම එම අධිකාරිය වෙත පැවරී තිබෙනවා.

එහෙත්, 2010 වර්ෂයේ දී පවත්වන ලද ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානයේ (ICAO) නිරුපද්‍රිතතා අධීක්ෂණ විගණනයක දී ගුවන් යානා හදිසි අනතුරු සහ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා ස්වාධීන ක්‍රියාවලියක් නොමැති වීම පිළිබඳව කරුණු අනාවරණ කර තිබෙනවා.

ඒ, අනුව ස්වාධීන ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යංශයක් පිහිටුවීම පිණිස 2016 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, මේ වන විට ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති බව සඳහන්.

එම පනත් කෙටුම්පත සඳහා තවදුරටත් විධිවිධාන කිහිපයක් හඳුන්වාදිය යුතු බවට අදාළ පාර්ශ්වයන් විසින් පෙන්වා දී ඇති අතර, එකී විධිවිධාන ද ඇතුළත් කරමින් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කට ඇති බවයි අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?