1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත, 2016 අංක 17 දරන විශ්වවිද්‍යාල (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධනය කර ඇති අතර විවිධ පරිපාලන තනතුරු සඳහා පුද්ගලයින් තෝරා ගැනීමේ දී සහ පත් කිරීමේ දී පනතේ ඇතැම් විධිවිධානවල පවතින අපැහැදිලිතා හේතුවෙන් ගැටලු පැන නගින බව නිරීක්ෂණය වී තිබෙනවා.
ඒ අනුව, එම පනතේ 49වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ පීඨාධිපති තනතුරට පත් වීම සඳහා යෝජිත සුදුසුකම් සහ පනතේ 51වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ අධ්‍යයන අංශ ප්‍රධානියෙකු ලෙස පත් කිරීම සඳහා වන සුදුසුකම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති බවයි අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වූයේ.
එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.





