1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත, 2016 අංක 17 දරන විශ්වවිද්‍යාල (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධනය කර ඇති අතර විවිධ පරිපාලන තනතුරු සඳහා පුද්ගලයින් තෝරා ගැනීමේ දී සහ පත් කිරීමේ දී පනතේ ඇතැම් විධිවිධානවල පවතින අපැහැදිලිතා හේතුවෙන් ගැටලු පැන නගින බව නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව, එම පනතේ 49වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ පීඨාධිපති තනතුරට පත් වීම සඳහා යෝජිත සුදුසුකම් සහ පනතේ 51වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ අධ්‍යයන අංශ ප්‍රධානියෙකු ලෙස පත් කිරීම සඳහා වන සුදුසුකම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති බවයි අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වූයේ.

එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

  1. මෙම පනතේ උප ශාලාධිපති තනතුර සඳහාත් සංශෝධන අවශ්‍යයි. මානව හිමිකම්වත් නොරැකෙන පරිදි සකස්වූ තනතුරක් එම තනතුර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06