Update – ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ දෙදෙනෙක් මරුට – ජෝර්දානයත් ගුවන් කලාපය විවෘත කරයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉහළ යන ආතතීන් මධ්‍යයේ වසා දැමුණු ජෝර්දානය ගුවන් කලාපය යළි විවෘත කර තිබෙනවා.

ජෝර්දානයේ වේලාවෙන් අද (14) පෙරවරු 07:30ට සිය ගුවන් අවකාශය නැවත විවෘත කළ බවයි එරට සිවිල් ගුවන් සේවා කොමිසම සඳහන් කළේ.

ජෝර්දාන රජයේ ප්‍රකාශක මොහොමඩ් අල්-මොමානි පවසා තිබුණේ තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීමට කිසිම අවස්ථාවක ඉඩ නොදෙන බවත්, එය කිසිදු ගැටුමකට යුධ පිටියක් නොවන බවයි.

මේ අතර ඊයේ රාත්‍රියේ සිට අද (14) අලුයම් කාලය දක්වා ඉරාන විසින් ඊශ්‍රායලයට එල්ල එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බව තහවුරු කර තිබෙනවා.

මීට අමතරව ඊශ්‍රායලයේ වෙරළබඩ තැනිතලා කලාපයේ පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඊශ්‍රායල හදිසි සේවා අංශ පවසන්නේ.

මේ අතර ඉරානයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම දිගටම සිදුකරගෙන යන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසනවා.

ටෙලිග්‍රෑම් වෙත පළ කරන ලද කෙටි ප්‍රකාශයක,ඊශ්‍රායල ආරක්ෂක පැවසුවේ, ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයේ තර්ජන ඉවත් කිරීම සඳහා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවයි.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් තවත් 320 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ඉරානය පවසනවා.

ඉරානයට පහර දීමේ සහ ඉහළ පෙළේ හමුදා අණ දෙන නිලධාරීන් කිහිප දෙනෙකු සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් හයදෙනෙකු ඝාතනය කිරීමේ අපරාධයෙන් පසුව ඊශ්‍රායලයට දැඩි දඬුවම් අපේක්ෂා කරන බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අනතුරු අඟවා තිබෙනවා

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ අවශ්‍ය තාක් කල් හමුදා මෙහෙයුම දිගටම පවතිනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
1
+1
10
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.10
00:00
Video thumbnail
සත්‍යග්‍රහයේ සෙට් එක මහ රෑ බජව් දාදා ගත්ත සුපිරි FUN එක - ලස්සනට සිංදු කියන හැටි
01:03
Video thumbnail
ගාල්ලම සලිත කරමින් මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ නිසල සිරුර
01:35
Video thumbnail
මහ රෑම සත්‍යග්‍රහයට ආ සීලරතන හිමි - වැඩ බැරි ටාසන්ලට රට දුන්නා වැඩ පුළුවන් ටාසන්ලා පැත්තක
04:32
Video thumbnail
ඥානසාර හිමි සලේ වෙනුවෙන් පෙරට එයි - මම අභියෝග කරනවා හැමෝටම විවාදයකට එන්න
10:06
Video thumbnail
සලේට මෙහෙම කරන්නේ ඩයස්පෝරාව සතුටු කරන්න - අනුර ගේන්න කැපවුණේ ඩයස්පෝරාව
02:59
Video thumbnail
සුරේෂ් සලේ වෙනුවෙන් රෑම ආ දිලිත් - සමාවෙන්න වාඩිවෙලා කතා කරන එක ගැන - තාම සැකකරුවෙක් විතරයි..
04:27
Video thumbnail
තිස්සකුට්ටිට - මරික්කාර සැරටම දෙසයි - බදුල්ලෙන් එලවලා මොණරාගලට පැනලා අනුරාධපුරයට ගියපු කෙනානේ
02:10
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය ගැන මරික්කාර් කට උත්තර නැතිවෙන්න කියයි - මම දන්නේ නෑ එහෙම එකක්
03:01
Video thumbnail
පොහොට්ටුවට ගිය බලංගොඩ ආසන සංවිධායකයගේ බොරුව මෙන්න - මේ ඇන්දිලි - ෂෝ..දෙවෙනි පාරටත් රැවැට්ටුවද ?
03:28