ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන් ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් දින 10ක කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.
පාලමක් ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගයේ නව පාලමක් ඉදි කිරීම වෙනුවෙන් මෙලෙස මාර්ගය වසා තැබෙනු ඇති.
ඒ, අනුව අද (14) සිට ජුනි මස 24වනදා දක්වා දින 10ක් එම මාර්ගය වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
මෙම මාර්ගය වසා තැබෙන කාලය තුළ කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල, පොල්පිටිය, ලක්ෂපාන හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය සහ හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස ද රියදුරන්ට දැනුම් දෙනවා.













