නළු නිළියන් පස්දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙයි

මිහින්තලය පූජා නගරයේ රූගත කිරීමට ගොස් නිවාඩු නිකේතනයක ලැඟුම් ගෙන සිටි 39 දෙනෙකුගේ සමන්විත නාට්‍ය කණ්ඩායමක නළු නිළියන් ඇතුළු අටදෙනෙකුට කොවිඩ් වැලදී ඇති බව මිහින්තලය සෞඛ්‍ය අංශ ඊයේ (19 වැනිදා) සවස තහවුරු කරගෙන තිබුණි.

ත්‍රිකුණාමලය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිහින්තලය අඹතලාගම පිහිටි නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිටි කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඇතුළු ටෙලි නාට්‍ය කණ්ඩායම පෞද්ගලික කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔවුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබුණි.

එම කණ්ඩායමේ සිටි නළු නිළියන් පස්දෙනෙකුට හා සෙසු කාර්ය මණ්ඩලයේ තිදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර තවත් පස්දෙනෙකුගේ වාර්තා ලැබීමට නියමිත බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

මෙම නිවාඩු නිකේතනය එකම පවුලේ ඥාතීන් පස්දෙනෙකු පවත්වාගෙන යන අතර ඔවුන් නිරෝධායනයට ලක්කර නිවාඩු නිකේතනය වසාදැමීමට කටයුතු කරනා බවද සෞඛ්‍ය අංශ පැවැසුවේය.

දැනට රෝගය වැලඳී ඇති පිරිසට අවශ්‍ය නිරෝධායන ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන අතර ඉතිරි පිරිස සම්බන්ධයෙන් නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බුද්ධික මහේෂ් – අනුරාධපුර නැගෙනහිර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38