විවාහ වී දින දෙකයි, බිරිඳ තනිකර එයාර් ඉන්දියා ගුවන් අනතුරින් අවසන් ගමන් ගිය භාවික්

ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලය 241 දෙනෙකුට දිවි අහිමිකරමින් ඊයේ (12) සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳව මේ වනවිටත් ලෝකයේම අවදානය යොමු වී අවසන්.

විවාහයෙන් දින දෙකකට පසු ලන්ඩනය බලා ගමන් ගත් තරුණයෙක් ද මෙම ගුවන් අනතුරින් මියගිය පුද්ගගලයින් අතර සිටින බව ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

26 හැවිරිදි වියේ පසු වූ භාවික් මහේෂ්වරී නැමැති මෙම තරුණයා අනතුරු සිදුවීමට දින දෙකකට පෙර විවාහ වී ඇති අතර, යළි ඔහු සේවය කළ ලන්ඩනයට යාමට හදිසියේ ඔහුට සිදුව තිබෙනවා.

මේ අතර තම පුතා සති දෙකක කෙටි නිවාඩුවක් සඳහා නිවසට පැමිණි පසු දෙමව්පියන් ලෙස තමන් හා බිරිඳ ඇතුළු ඥාතීන් ඔහුව විවාහ කර දීමට තීරණය කළ බවයි භාවික්ගේ පියා මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

පසුගිය 10 වන දින ඔවුන් භාවික් අධිකරණ විවාහය පවත්වා ඇති අතර, එය සරල විවාහයක් වූ බවයි ඔහුගේ පියා පවසා සිටියේ.

ඔහු ඊළඟට ආපසු පැමිණෙන විට ඔහුගේ දෙමාපියන් ලෙස තමන් හා බිරිඳ උත්කර්ෂවත් විවාහ උත්සවයක් සැලසුම් කර තිබූ බවයි භාවික්ගේ පියා වන අර්ජුන් මහේෂ්වරී සඳහන් කර ඇත්තේ.

“බ්‍රහස්පතින්දා දහවල් 1.00 ට පමණ ඔහු මට කතා කරලා කිව්වා සියල්ල ඉවරයි කියලා, ගුවන් ගමනට සූදානම් කියලා. ගෙදර යන නිසා කරදර වෙන්න එපා කියලා. එයා අධ්‍යාපනය අවසන් කරලා ලන්ඩනයේ වැඩ කරමින් හිටියා. පැය භාගයකට පස්සේ, මොකද වුණේ කියලා කාටවත් තේරුම් ගන්න බැරි වුණා.” යනුවෙන් භාවික්ගේ පියා වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
1
+1
2
+1
20
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?