විවාහ වී දින දෙකයි, බිරිඳ තනිකර එයාර් ඉන්දියා ගුවන් අනතුරින් අවසන් ගමන් ගිය භාවික්

ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලය 241 දෙනෙකුට දිවි අහිමිකරමින් ඊයේ (12) සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳව මේ වනවිටත් ලෝකයේම අවදානය යොමු වී අවසන්.

විවාහයෙන් දින දෙකකට පසු ලන්ඩනය බලා ගමන් ගත් තරුණයෙක් ද මෙම ගුවන් අනතුරින් මියගිය පුද්ගගලයින් අතර සිටින බව ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

26 හැවිරිදි වියේ පසු වූ භාවික් මහේෂ්වරී නැමැති මෙම තරුණයා අනතුරු සිදුවීමට දින දෙකකට පෙර විවාහ වී ඇති අතර, යළි ඔහු සේවය කළ ලන්ඩනයට යාමට හදිසියේ ඔහුට සිදුව තිබෙනවා.

මේ අතර තම පුතා සති දෙකක කෙටි නිවාඩුවක් සඳහා නිවසට පැමිණි පසු දෙමව්පියන් ලෙස තමන් හා බිරිඳ ඇතුළු ඥාතීන් ඔහුව විවාහ කර දීමට තීරණය කළ බවයි භාවික්ගේ පියා මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

පසුගිය 10 වන දින ඔවුන් භාවික් අධිකරණ විවාහය පවත්වා ඇති අතර, එය සරල විවාහයක් වූ බවයි ඔහුගේ පියා පවසා සිටියේ.

ඔහු ඊළඟට ආපසු පැමිණෙන විට ඔහුගේ දෙමාපියන් ලෙස තමන් හා බිරිඳ උත්කර්ෂවත් විවාහ උත්සවයක් සැලසුම් කර තිබූ බවයි භාවික්ගේ පියා වන අර්ජුන් මහේෂ්වරී සඳහන් කර ඇත්තේ.

“බ්‍රහස්පතින්දා දහවල් 1.00 ට පමණ ඔහු මට කතා කරලා කිව්වා සියල්ල ඉවරයි කියලා, ගුවන් ගමනට සූදානම් කියලා. ගෙදර යන නිසා කරදර වෙන්න එපා කියලා. එයා අධ්‍යාපනය අවසන් කරලා ලන්ඩනයේ වැඩ කරමින් හිටියා. පැය භාගයකට පස්සේ, මොකද වුණේ කියලා කාටවත් තේරුම් ගන්න බැරි වුණා.” යනුවෙන් භාවික්ගේ පියා වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48