එයාර් ඉන්දියා ගුවන් යානයක් හදිසියේ ම තායිලන්තයේ ෆුකෙට් ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බෝම්බ තර්ජනාත්මක සටහනක් ගුවන් මගියෙකු විසින් සොයා ගැනීමත් සමග මෙම හදිසි ගොඩබෑම සිදු කර ඇති බවයි.
AI 379 ගුවන් යානය ෆුකෙට් සිට නවදිල්ලි බලා පියාසර කිරීම ආරම්භ කර තිබෙනවා.
කෙසේවෙතත් ගුවන් යානය නැවත ෆුකෙට් ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා මුළු යානයම ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසි කිරීමක් ද සිදු කරනු ලැබුවා.
නමුත් එහි තිබී කිසිදු බෝම්බ තර්ජනයක් සොයා නොගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ගුවන් යානයේ බෝම්බ තර්ජන සටහන සොයාගත් මගියාගෙන් තායි ගුවන් තොටුපළ නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටින බවත් වාර්තා වනවා.
මෙම ගුවන් යානයේ මගීන් 156 දෙනෙකු සිටියා.
මූලාශ්‍රය – www.hindustantimes.com














Me badakadithu wala gihin jevitheta sorry .a nisa aluth guwanyana ena thek
thek man pita rata yanne na.me vidiyata matenna ona nathi nisa.