ධනංජය සිරිවර්ධන කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්. හැමෝම දන්න මධු මාධව අරවින්දගේ මල්ලී තමයි මේ. ධනංජන නම් මේ දවස්වල රඟපානවා නම් දකින්න අඩුයි. ඒත් එක්තරා නාළිකාවක නම් නිවේදන කටයුතු හරි අපුරුවට කරනවා.
ධනංජයගේ බිරිඳ ගුවන් සේවිකාවක්. ඇයත් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනවා. ඔවුන් දෙදෙනාට ඉන්නේ හරිම ලස්සන චූටි දුවක්. එයාගේ නම මෞර්යා සිරිවර්ධන.
රංගනයට විතරක් නෙවෙයි ගායනටය, නර්තනයට මෙන්ම නිවේදනයටත් උපන් හපන් ධනංජය අද එයාගේ උපන්දිනය ගැන හරි අපූරු සටහනක් තම මුහුණු පොතේ පළ කරලා තිබුණා.
එම සටහන පහතින්,
මං ඉපදෙනකොට අම්ම මහල තිබ්බ ඇඳුම.
ඒ කාලෙ ස්කෑන් කරල බලන්නෙ නෑ. කෙල්ලෙක් කියල හිතල ගෞරී කියල නමකුත් දාල තිබ්බෙ. මා මෙලොවට බිහිකල මව් පියන්ට පිං.
එදා මැයි 20. අදත් මැයි 20.
එදා ඉපදුන මමද මම අද.
කාලය මොන තරම් දේවල් අපිට තේරුම් කරල දෙනවද. උපත හා මරණය අතර ඇති ජීවිතය සොයමි. කාලය සමඟ වියපත් වන මම , මා සොයමි.
සංසාරමය ගමන. නැවතීමයි නිවන!
සුබ උපන් දිනක් මට!