ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාර මාලාව හඳුන්වා ඇත්තේ ‘සතුරා අඩපණ කිරීමේ ප්‍රහාර’ වශයෙන්.
ටෙහෙරාන් ඇතුළු කලාප කිහිපයකින් පිපිරීම් වාර්තා වී ඇතැයි එරට මාධ්‍ය විසින් ද තහවුරු කර තිබෙනවා.
ඉරානය ඊට නිසැකව ප්‍රතිචාර දක්වනු ඇති බැවින් රටටම හදිසි තත්ත්වයක් නම්කර පාසල් ඇතුළු සියලු සේවා අත්හිටුවා ඒකරාශී වීම් ද තහනම් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් අමෙරිකාව පවසා ඇත්තේ, තමන් කිසිලෙසක මෙම ප්‍රහාරයට ආධාර හෝ අනුබල නොදුන් බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
2
+1





