නීතිවිරෝධී ව ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය අමෙරිකාවට ජාවාරම් කළ චීන විද්‍යාඥයෙකුට චෝදනා

නීතිවිරෝධී ව ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය අමෙරිකාවට ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වූහාන් හි තවත් චීන විද්‍යාඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චෙන්ක්සුආන් හැන් නමැති මෙම චීන ජාතිකයාව ෂැංහයි සිට ගුවන් යානයකින් ඩෙට්‍රොයිට් මෙට්‍රොපොලිටන් ගුවන්තොටුපළට ගොඩබෑමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි.

මෙම චීන විද්‍යාඥයාට එරෙහිව රාජද්‍රෝහී චෝදනා සහ අසත්‍ය ප්‍රකාශ කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

මෑත සතිවල මිචිගන් වෙත නීතිවිරෝධී ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තුන්වන චීන විද්‍යාඥයා ලෙසයි හැන් සැලකෙන්නේ.

හැන් ඇමරිකා එක්සත් ජනපදයට පැමිණි පසු, අධිකරණ ලේඛනවලට අනුව,චීනයෙන් “වටකුරු පණුවන්ට අදාළ ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය අඩංගු” පැකේජ හතරක් එවූ බව දේශසීමා නිලධාරීන් සොයා ගෙන තිබෙනවා.