බලංගොඩ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටී සිසුවෙක් මරුට – 18කට තුවාල

බලංගොඩ රජවක මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට බෝ ගසක කොටසක් කඩා වැටී එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ තවත් සිසුන් 18 දෙනෙකු තුවාල ලබා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අද (12) දහවල් මෙම අනතුර සිදු ව තිබෙනවා.

ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග බෝ ගසේ කොටසක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ සිසුන් උසස්පෙළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන්නන්.

රෝහල් පොලිසිය පවසා ඇත්තේ තුවාල ලැබූ කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?