UPDATE : ගුජරාට් හි දරුණු ගුවන් අනතුරක් – අනතුර සිදුවන විට මගීන් 242ක් ඉඳලා (වීඩියෝ)

යාවත්කාලීන කිරීම-

අද පස්වරුවේ ඉන්දියාවේ ගුජරාට් හි අහමදාබාද් වෙත කඩා වැටුණු පුළුල් බඳ සහිත බෝයිං 787 ගුවන් යානයේ මගීන් 242ක් ගමන් කරමින් සිට ඇති බව වාර්තා වනවා.

මූලික වාර්තාවලට අනුව, ගුවන් යානයේ මගීන් 300ක් පමණ ගමන් කළ හැකි අතර අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයින් 242ක් රැගෙන ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය තහවුරු කරන්නේ.

———————————————————————————————-

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි බිහිසුණු ගුවන් අනතුරක් සිදු ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සජීවීව එම සිදුවීම වාර්තා කරමින් සඳහන් කරන්නේ, ගුජරාට් හි අනතුර සිදු වූ ප්‍රදේශය ම කළු දුමාරයකින් වැසී ගොස් ඇති බවයි.

අද (12) පස්වරු 01-02ත් අතර කාලයේ දී මෙම ගුවන් අනතුර සිදු ව ඇති අතර ඒ වනවිටත් එහි ගුවන් මගීන් 200කට අධික පිරිසක් රැඳී සිට තිබෙනවා.

මෙලෙස කඩා වැටී ඇත්තේ එයාර් ඉන්දියා ගුවන් යානයක්.

ගුජරාට් ප්‍රාන්ත පොලිස් පාලක මැදිරියට අනුව සර්දාර් වල්ලභභායි පටෙල් අහමදාබාද් ගුවන් තොටුපළේ ගුවන්ගත වීමේ දීයි ගුවන් යානය කඩා වැටී ඇත්තේ.

ගුවන් යානය පිටත්ව යාමට සූදානම් ව ඇත්තේ ලන්ඩන් නුවර බලා යි.

ගුවන් අනතුර සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා; ගුජරාට් ප්‍රධාන අමාත්‍යවරයා, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ පොලිස් කොමසාරිස්වරයා සමඟ ඉදිරි පියවර සාකච්ඡා කෙරෙමින් සිටින බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
14
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?