UPDATE : ගුජරාට් හි දරුණු ගුවන් අනතුරක් – අනතුර සිදුවන විට මගීන් 242ක් ඉඳලා (වීඩියෝ)

යාවත්කාලීන කිරීම-

අද පස්වරුවේ ඉන්දියාවේ ගුජරාට් හි අහමදාබාද් වෙත කඩා වැටුණු පුළුල් බඳ සහිත බෝයිං 787 ගුවන් යානයේ මගීන් 242ක් ගමන් කරමින් සිට ඇති බව වාර්තා වනවා.

මූලික වාර්තාවලට අනුව, ගුවන් යානයේ මගීන් 300ක් පමණ ගමන් කළ හැකි අතර අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයින් 242ක් රැගෙන ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය තහවුරු කරන්නේ.

———————————————————————————————-

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි බිහිසුණු ගුවන් අනතුරක් සිදු ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය සජීවීව එම සිදුවීම වාර්තා කරමින් සඳහන් කරන්නේ, ගුජරාට් හි අනතුර සිදු වූ ප්‍රදේශය ම කළු දුමාරයකින් වැසී ගොස් ඇති බවයි.

අද (12) පස්වරු 01-02ත් අතර කාලයේ දී මෙම ගුවන් අනතුර සිදු ව ඇති අතර ඒ වනවිටත් එහි ගුවන් මගීන් 200කට අධික පිරිසක් රැඳී සිට තිබෙනවා.

මෙලෙස කඩා වැටී ඇත්තේ එයාර් ඉන්දියා ගුවන් යානයක්.

ගුජරාට් ප්‍රාන්ත පොලිස් පාලක මැදිරියට අනුව සර්දාර් වල්ලභභායි පටෙල් අහමදාබාද් ගුවන් තොටුපළේ ගුවන්ගත වීමේ දීයි ගුවන් යානය කඩා වැටී ඇත්තේ.

ගුවන් යානය පිටත්ව යාමට සූදානම් ව ඇත්තේ ලන්ඩන් නුවර බලා යි.

ගුවන් අනතුර සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා; ගුජරාට් ප්‍රධාන අමාත්‍යවරයා, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ පොලිස් කොමසාරිස්වරයා සමඟ ඉදිරි පියවර සාකච්ඡා කෙරෙමින් සිටින බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
14
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25