පාස්කු සිද්ධියට චෝදනා ලැබූ නිලන්ත ජයවර්ධනට එරෙහිව ඇති පෙත්සම සලකා බැලීමට දින දෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව කැඳවීමට නියමිතව තිබූ නඩු විභාගය ලබන ඔක්තෝබර් මස 14 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය නියෝගය කර තිබෙනවා.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මෙම නඩුව අද (12) කැඳවනු ලැබුවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව පියවර ගන්නැයි පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

පාස්කු ඉරිදා එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරයට අදාළ ව තොරතුරු ලැබී තිබියදීත් ප්‍රමාණවත් ලෙස එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස නියෝගයක් ද පෙත්සම මගින් ඉල්ලා සිටිනවා.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත්වූවකුගේ පියකු වන සුරාජ් නිලංග විසින් මෙම නඩුව ගොනු කරනු ලැබුවා.

පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, නීතිපතිවරයා මේ පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙත්.

නීතිඥ අර්මීසා ටීගල් ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියා.

වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14