උපුල්දෙණිය ජුනි 25 තෙක් හිරගෙට

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ජුනි මස 25 වැනි දින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

අද (11) පස්වරුවේ වැඩ තහනමට ලක් ව සිටින බන්ධනාගාර කොමසාරිස්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදියි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

එම සැකකරුව ඕනෑම ඇප කොන්දේසියක් යටතේ නිදහස් කරන ලෙසට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නමුත් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ කරුණු දැක්වීම් සලකා බැලූ අධිකරණ විනිසුරුවරිය සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

එලෙස කූඨ ලෙස අනීතිකව නිදහස් කළේ යැයි කියන අතුල තිලකරත්න නමැති සිරකරුවා මේ වනවිට රටින් පලා ගොස් ඇති බවට වාර්තා වී ඇතැයි දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ දැනුම්දුන්නා.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවත්, වසර ගණනක් තිස්සේ සිදු කෙරුණු වංචාවක් දින කිහිපයක් ඇතුළත් සිදු කර අවසන් කළ නොහැකි බව පෙන්වාදුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ, ලංකාවේ අපරාධකරුවන් ඉතාමත් සූක්ෂ්ම බැවින් මෙම විමර්ශන අවසන් කිරීමට අවම සති දෙකක කාලයක් ගත වනු ඇති බවටත් පෙන්වා දුන්නා.

ඊළඟ නඩු වාරයේ දී මෙකී විමර්ශන ගැන අධිකරණය පවා විස්මයට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බව වගකීමෙන් සඳහන් කරන බව ද අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියා.

ජුනි මස 09 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර උපුල්දෙණිය අත්අඩංගුවට ගෙන ඊයේ (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරුව අද දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු අතර සැකකරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවටත් පමුණුවන ලෙසට ද නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?