වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ සිද්ධිය මෙන් තවත් සිදුවීම් අතීතයේ සිට සිදු ව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසනවා.
අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියා.
2024 වර්ෂයේ නත්තල් දිනය වෙනුවෙන් රැඳවියන් 332ක් පමණක් නිදහස් කිරීමට අනුමැතිය හිමි ව තිබියදී 389 දෙනෙකු එනම්; රැඳවියන් 57 දෙනෙකු අනීතිකව මුදා හැර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් මේ වනවිට ක්‍රියාත්මක බව ද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.
අධිකරණ අමාත්‍යාංශය ද ඔවුන්ට එල්ල ව තිබෙන චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව ද මෙහිදී හෙළි වුණා.





