එමිනම්ගේ සංගීත ප්‍රකාශකයා මෙටා සමාගමට එරෙහිව නඩු මඟට

ප්‍රසිද්ධ රැප් ගායක එමිනම්ගේ සංගීත ප්‍රකාශන සමාගමක් වන එයිට් මයිල් ස්ටයිල් සමාගම ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරණ මෙටා සමාගමට එරෙහිව වන්දි නඩුවක් පවරා තිබෙනවා.

එමිනම්ගේ ගීත සහ නිර්මාණ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මෙම වන්දි නඩුව පවරා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එයිට් මයිල් ස්ටයිල් සමාගම විසින් මෙටා සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 109.35ක වන්දියක් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රැප් ගායක එමිනම්ගේ ජනප්‍රිය ගීත 243ක් ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් පරිශීලකයින්ට නීති විරෝධී ලෙස පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි නඩුව ගොනුකරමින් එයිට් මයිල් ස්ටයිල් සමාගම පවසන්නේ.

එයිට් මයිල් ස්ටයිල් සමාගම එක් ගීතයකට ව්‍යවස්ථාපිත වන්දි වශයෙන් ඩොලර් 150,000ක් ඉල්ලා සිටින අතර, ජූරි නඩු විභාගයක් ද ඉල්ලා තිබෙනවා.

මීට ප්‍රතිචාර වශයෙන්, මෙටා ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙටා ලොව පුරා හවුල්කරුවන් දහස් ගණනක් සමඟ බලපත්‍ර සහ එහි වේදිකාවල සංගීතය සඳහා පුළුල් ගෝලීය බලපත්‍ර වැඩසටහනක් ඇති බවයි.

මෙටා සමාගම, එයිට් මයිල් ස්ටයිල් සමඟ හොඳ විශ්වාසයකින් සාකච්ඡා කරමින් සිටි නමුත් එම සාකච්ඡා දිගටම කරගෙන යාමට වඩා, එයිට් මයිල් ස්ටයිල් සමාගම මේ වනවිට නඩු මඟ තෝරාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43