එමිනම්ගේ සංගීත ප්‍රකාශකයා මෙටා සමාගමට එරෙහිව නඩු මඟට

ප්‍රසිද්ධ රැප් ගායක එමිනම්ගේ සංගීත ප්‍රකාශන සමාගමක් වන එයිට් මයිල් ස්ටයිල් සමාගම ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරණ මෙටා සමාගමට එරෙහිව වන්දි නඩුවක් පවරා තිබෙනවා.

එමිනම්ගේ ගීත සහ නිර්මාණ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මෙම වන්දි නඩුව පවරා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එයිට් මයිල් ස්ටයිල් සමාගම විසින් මෙටා සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 109.35ක වන්දියක් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රැප් ගායක එමිනම්ගේ ජනප්‍රිය ගීත 243ක් ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් පරිශීලකයින්ට නීති විරෝධී ලෙස පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි නඩුව ගොනුකරමින් එයිට් මයිල් ස්ටයිල් සමාගම පවසන්නේ.

එයිට් මයිල් ස්ටයිල් සමාගම එක් ගීතයකට ව්‍යවස්ථාපිත වන්දි වශයෙන් ඩොලර් 150,000ක් ඉල්ලා සිටින අතර, ජූරි නඩු විභාගයක් ද ඉල්ලා තිබෙනවා.

මීට ප්‍රතිචාර වශයෙන්, මෙටා ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙටා ලොව පුරා හවුල්කරුවන් දහස් ගණනක් සමඟ බලපත්‍ර සහ එහි වේදිකාවල සංගීතය සඳහා පුළුල් ගෝලීය බලපත්‍ර වැඩසටහනක් ඇති බවයි.

මෙටා සමාගම, එයිට් මයිල් ස්ටයිල් සමඟ හොඳ විශ්වාසයකින් සාකච්ඡා කරමින් සිටි නමුත් එම සාකච්ඡා දිගටම කරගෙන යාමට වඩා, එයිට් මයිල් ස්ටයිල් සමාගම මේ වනවිට නඩු මඟ තෝරාගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39