ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුල මධ්‍යයේ රුසියාව විසින් බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක්ට දේශපාලන රැකවරණ ලබාදිය හැකි බව රුසියාව පවසනවා.
රුසියානු නීති සම්පාදක දිමිත්‍රි නොවිකොව් යෝජනා කර ඇත්තේ මස්ක්ට රුසියාවේ දේශපාලන රැකවරණ ලබා ගත හැකි බවයි.
“මස්ක්ට සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රීඩාවක් ඇති බව මම සිතමි, ඔහුට කිසිදු දේශපාලන රැකවරණ අවශ්‍ය නොවනු ඇත, කෙසේ වෙතත්, ඔහු එසේ කළහොත්, රුසියාවට එය ලබා දිය හැකියි.” යනුවෙන් දිමිත්‍රි නොවිකොව් ප්‍රවෘත්ති සකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.
ට්‍රම්ප් පරිපාලනයේ නව තීරු බදු පනතට එලෝන් මස්ක් විරෝධය පළ කිරීමත් සමඟ දෙදෙනා අතර යම් විරසයකයක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ, සම්බන්ධයෙන් තමා කලකිරීමට පත්ව ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
මේ අතර සිය සමාජ මාධ්‍ය වේදිකාව වන එක්ස් හි සටහනක් තබමින් එලෝන් මස්ක් සඳහන් කළේ, තමා නොමැති නම් ට්‍රම්ප් ජනාධිපතිවරණය පරාජය වනු ඇති බවයි.
මෙවැනි තත්ත්වයන් හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලොන් මස්ක්ගේ මිත්‍රත්වය නිල වශයෙන් අවසන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.





