එලොන් මස්ක්ට දේශපාලන රැකවරණය දෙන්න රුසියාව සූදානමින්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුල මධ්‍යයේ රුසියාව විසින් බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක්ට දේශපාලන රැකවරණ ලබාදිය හැකි බව රුසියාව පවසනවා.

රුසියානු නීති සම්පාදක දිමිත්‍රි නොවිකොව් යෝජනා කර ඇත්තේ මස්ක්ට රුසියාවේ දේශපාලන රැකවරණ ලබා ගත හැකි බවයි.

“මස්ක්ට සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රීඩාවක් ඇති බව මම සිතමි, ඔහුට කිසිදු දේශපාලන රැකවරණ අවශ්‍ය නොවනු ඇත, කෙසේ වෙතත්, ඔහු එසේ කළහොත්, රුසියාවට එය ලබා දිය හැකියි.” යනුවෙන් දිමිත්‍රි නොවිකොව් ප්‍රවෘත්ති සකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.

ට්‍රම්ප් පරිපාලනයේ නව තීරු බදු පනතට එලෝන් මස්ක් විරෝධය පළ කිරීමත් සමඟ දෙදෙනා අතර යම් විරසයකයක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් තමා කලකිරීමට පත්ව ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මේ අතර සිය සමාජ මාධ්‍ය වේදිකාව වන එක්ස් හි සටහනක් තබමින් එලෝන් මස්ක් සඳහන් කළේ, තමා නොමැති නම් ට්‍රම්ප් ජනාධිපතිවරණය පරාජය වනු ඇති බවයි.

මෙවැනි තත්ත්වයන් හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලොන් මස්ක්ගේ මිත්‍රත්වය නිල වශයෙන් අවසන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30