NIRDC වෙත ලැබෙන ව්‍යාපෘති ඇගයීමට තාක්ෂණික කමිටු පිහිටුවීම අරඹයි

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) විසින් පසුගියදා අනුමත කරගත් කැබිනට් පත්‍රිකාවට අනුව, ඒ ඒ ව්‍යාපෘති සදහා තාක්ෂණ ඇගයීම් කමිටු පත් කිරීම මේ දිනවල සිදුවෙමින් පවතිනවා.

මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළදී පමණක් NIRDC වෙත රුපියල් බිලියන 02කට අධික වටිනාකමින් යුත් ව්‍යාපෘති ලැබී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිවල තාක්ෂණික ශක්‍යතාවය, විනිවිදභාවයකින් යුතුව ඇගයීමකට ලක් කිරීම මේ වන විට ආරඹා තිබෙනවා.

එහිදී, මින් පෙර අප රට තුළ ක්‍රියාත්මක වූ යල් පැනගිය හා දුර්වල ඇගයීම් ක්‍රියාවලින් වෙනුවට ලෝකයේ තාක්ෂණයෙන් දියුණු අනෙකුත් රටවල්ද භාවිත කරන ආකාරයේ විනිවිදභාවය සහ අපක්ෂපාතීත්වය යන මූලධර්ම මත පදනම් වූ නව ඇගයීම් ආකෘතියක් හඳුන්වා දීමටද කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ. අනුව මෙම තාක්ෂණ ඇගයීම් කමිටු සඳහා අයදුම් කළ පිරිස වෙනුවෙන් පුහුණු සැසිවාර කිහිපයක්ද මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර, මෙහිදී නව තාක්ෂණික ඇගයීම් ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් ඇගයුම්කරුවන්ට (Reviewers) ලබාදීමත්, එම ක්‍රියාවලියට අදාළ නීතිමය රාමුව පිළිබඳ දැනුවත් කිරීමත් සිදුවුණා.

මෙම පුහුණු සැසිවාර NIRDCහි නිර්මාතෘ හා විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබුණා.

මේ මස 02,03 සහ 04 යන දිනවල පැවැත්වූ මෙම සැසි සදහා දේශීය සහ විදේශීය විද්වතුන් පිරිසක් සම්බන්ධ වූ අතර, NIRDCහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා ඇතුළු NIRDC කාර්ය මණ්ඩලය විසින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?