කිවි තුන් ආකෘතියේ ම ක්‍රිකට්වල පුහුණුකාරීත්වයේ වගකීම වසර තුනකට වෝල්ටර්ට පැවරෙයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එක්දින, ටෙස්ට් හා පන්දුවාර 20 යන තුන් ආකෘතික ක්‍රිකට් සඳහා පුහුණුකරු ලෙස රොබ් වෝල්ටර් පත් කර තිබෙනවා.

වෝල්ටර් නවසීලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර තුනක කොන්ත්‍රාතුවක් අත්සන් කර මෙම මස මැද භාගයේ දී එහි රාජකාරී ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

49 හැවිරිදි වෝල්ටර් මීට පෙර දකුණු අප්‍රිකානු පුහුණුකරු ලෙස කටයුතු කළා.

2023 ODI ලෝක කුසලානයේ සහ 2025 චැම්පියන්ස් කුසලානයේ අවසන් පූර්ව වටයට මෙන්ම 2024 – T20 ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකාව මෙහෙයවූයේ වෝල්ටර් විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?